මරළුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
වැල්ලව පොලිස් වසමේ මරළුවාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මරළුවාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
තුවාල ලැබූ 30 හැවිරිදි කාන්තාව මරණකරුගේ බිරිඳ වන බවයි, පොලිසිය සඳහන් කළේ.
මෙම අඹුසැමියන් නවාතැන්ගෙන සිටි නිවසට ඊයේ (24) රාත්‍රියේ පැමිණි නඳුනන තුවක්කුකරුවෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්.
ඉන් තුවාල ලැබූ මෙම අඹුසැමි යුවල කුරුණෑගලට ඇතුළත් කිරීමෙන් අනතුරු අදාළ පිරිමි පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරු සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරක් අනාවරණ වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.