මාස පහට සංචාරකයින් මිලියනයක් ලංකාවට ඇවිත්

මාස පහට සංචාරකයින් මිලියනයක් ලංකාවට ඇවිත්

වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මැයි මස 25 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති පිරිස 1,006,097කි.

මැයි මාසය තුළ පමණක් 109,213 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

ඉන් වැඩිම පිරිස ඉන්දියානුවන් බවට තොරතුරු වාර්තා වේ.

Share This