රාගම – බටුවත්ත වෙඩි තැබීමෙන් අයෙක් මරුට

රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (03) රාත්‍රියේ කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව රාගම පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේ මුල්ල සංජීවකයේ සමීපයකු වන ආමි උපුල් නම් පුද්ගලයෙකි.
ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි.
එම පුද්ගලයා බටුවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක හිටපු යුධ හමුදා සෙබළෙකු බව පොලිසිය පැවසීය.
චන්දන ලක්මාල්