නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රිය කරයි

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්රයක් අක්රිය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලි බල පණ්ඩලය පවසයි.
11 වෙනදා සිට එම යන්ත්රය අක්රිය කිරීමට පියවර ගත් අතර කැලණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතුද 12 වෙනදා පෙරවරුවේ නතර කර බවයි.
ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්රියාත්මක නොවන අතර ජල විදුලි බලාගාර සහපුනර්ජනීය බලශක්තියට පමණක් ප්රමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
චන්දන ලක්මාල්