ඩීන් ජෝන්ස්ගේ නමින් එක්දින ක්‍රිකට් කුසලානයක්

ඩීන් ජෝන්ස්ගේ නමින් එක්දින ක්‍රිකට් කුසලානයක්

ඔස්ට්‍රේලියානු දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය ඩීන් ජෝන්ස්‌ගේ නමින් නම් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, මේ වසර මුල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ සමීක්ෂණකින් අනතුරුවයි.

මෙම කෙටි ලැයිස්තුවට මයිකල් බෙවන් සහ ඇන්ඩෘ සිමන්ස්ගේ නම් ඇතුළත් කර තිබූ බවයි, ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඩීන් ජෝන්ස් 80/90 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩා වෙනම තලයකට රැගෙන ගිය ක්‍රීඩකයෙක් වීමත් විශේෂත්වයක්.

ඔහු එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 6068ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 07ක් ඇතුළත්.

ඩීන් ජෝන්ස් දේශීය තරගවල ලකුණු 2122ක් සහ මුල්පෙළ තරගවල ලකුණු 10,936ක් රැස්කරගෙන තිබෙනවා.

ඔහු 1987 වසරේ එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙක්වීමත් විශේෂත්වයක්.

ඩීන් ජෝන්ස් 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී මිය ගිය අතර ඒ වනවිට ඔහු 59 හැවිරිදි වියෙහි පසුවුණා.

මේ අතර අවසන් මහා තරගයේ වීරයා බවට පත්වන ක්‍රීඩකයාට ලබාදෙන සම්මානය මයිකල් බෙවන්ගේ නමින් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This