තැපැල් ඡන්දයට රාජකාරි හැඳුනුම්පත භාවිත කරන්න බැහැ

තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී රාජකාරි හැඳුනුම්පත භාවිත නොකිරීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මීට පෙර ඒ අවස්ථාව ලබා දුන්න ද එහිදී මතුවන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීමේ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කරගත යුතුය.