ප්‍රදේශ රැසකට අද විටින් විට වැසි

ප්‍රදේශ රැසකට අද විටින් විට වැසි

ප්‍රදේශ කිහිපයකට අද (18) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව නුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකිය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This