ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී නින්දිත පරාජයක්

ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී නින්දිත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 186ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමටයි නවසීලන්ත කණ්ඩායම සමත් වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා නවසීලන්තය තුළ විස්සයි විස්ස තරග 09ක් පරාජයට පත්වී තිබෙනවා.

ඒ අනුව එරට තුළ වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් පරාජයට පත් වූ කණ්ඩායම ලෙස බංගලාදේශය සමඟ සම තත්ත්වයට පැමිණ ඇති බව සඳහන්.

Share This