මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයට අත්අඩංගුවට ගත් සැකරුවන් ගණන ඉහළට

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයට අත්අඩංගුවට ගත් සැකරුවන් ගණන ඉහළට

(තංගල්ල – චන්ද්‍රසේන ගමගේ)

මිද්දෙණිය ගල්පොත්ත යාය ප්‍රදේශයේදී මැදමුලන මීගස්ආරේ පදිංචිව සිටි අරුණ විදාන ගමගේ හෙවත් කජ්ජාට හා ඔහුගේ දරුවන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනකු මිද්දෙණිය පොලිසිය විසින් ඊයේ (05) පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූවන් අතර ත්‍රිපුද්ගල ඝාතනයේ වෙඩික්කරු හා ඔවුන්ට අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ අඹුසැමි යුවළක් ද සිටින බව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ ත්‍රිපුද්ගල ඝාතනයේ වෙඩික්කරු වූ කටුවන පංගම් විල යායේ පදිංචි කරුවෙකු රන්න අඳු පැලෑනේ පදිංචි අඹුසැමි යුවළක් හා මැද මුලන මැදගම පදිංචි අයෙකි.

වෙඩික්කරුගෙන් ලැබී තිබූ තොරතුරකට අනුව ඊයේ (05) සවස මිද්දෙණිය දෙබොක්කාව ප්‍රදේශයේ අතහැර දමන ලද ගල්වලක තිබී වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඊයේ දින වලස් මුල්ල මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමටීමට නියමිතව තිබුණි.

මේ වන විට මෙම ත්‍රිත්ව ඝාතනයට සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Share This