අල්ලස් ගැන ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

අල්ලස් ගැන ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළට

මේ වසර ගත වූ මාස පහ තුළ අල්ලස් සහ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,221 දක්වා වැඩි වී ඇත.

මේ පැමිණිවලින් අදාළව හිටපු අමාත්‍යවරුන් පොලිස් නිලධාරීන් විදුහල්පතිවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලි 224 විමර්ශනවලට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොමැතිව හා පනතට අදාළ නොවීමට යන කරුණු මත පැමිණිලි 524 ක් විමර්ශනය නොකිරීම තීරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම වසරේ මුල් මාස පහ තුළ දඩ සහ රාජසන්තක කළ වත්කම් ලෙස රුපියල් 1,437,500 රැස් කරගෙන ඇති අතර පසුගිය මැයි 31 වෙනදා වන විට නඩු 272ක් විභාග වෙනුවෙන් පවතින බව අල්ලස් කොමිසම පවසයි.

චන්දන ලක්මාල්

Share This