කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිත කරන අයට දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය භාවිත කරන අයට දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන තදබදයක් අද (29) පස්වරුවේ ඇති විය හැකි බව පොලිසිය පවසනවා.

ඒ, රාත්‍රී 09.00 සිට හෙට (30) අලුයම 01.00 දක්වා  කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබීම හේතුවෙන්.

මෙම පෙරහැර කොස්ගම කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයෙන් ආරම්භ කර කොස්ගම පූගොඩ මාර්ගයේ කනම්පැල්ල හන්දිය දක්වා ගමන් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව කනම්පැල්ල හන්දියෙන් දකුණට හැරී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ මීටර් 800 ක් පමණ දුර කඩුගොඩ හන්දිය දක්වා ගමන් කර නැවත එම මාර්ගය ඔස්සේ විහාරස්ථානය වෙත ගමන් කරනු ඇති.

පෙරහැර ගමන් ගන්නා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසය මහජනතාවගෙන් සහ  රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ.

Share This