දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකීකයන්ට දැනුම්දීමක්

මේ වන විට දකුණු කොරියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලය ඉල්ලීමක් සිදු කරන්නේ, එම ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙසයි.
මේ වන විට පුද්ගලයින් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 23,000කට අධික පිරිසක් ආපදාවන්ට ලක්විය ඇති අතර එම පිරිස් නිවස්වලින්ද ඉවත් කිරීමට එරට නිලධාරීන් පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙන්නේ දැනට පැතිර යන ලැව් ගිනි ප්‍රදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
දකුණු කොරියාවේ දැනට පවතින ලැව් ගිනි හේතුවෙන් කිසිම ලාංකිකයන්ට අනතුරක් සිදුවී නොමැති අතර ඕනෑම හදිසි අවස්ථාවකට 2 735 2966 / 2 7352967 / 2 7942968 යන දුරකථන අංක ඔස්සේ ලාංකිකයින්ට දැනුම් දිය හැකි බව තානාපති කාර්යාලය සඳහන් කළේය .
චන්දන ලක්මාල්