මියන්මාරයේ සිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

මියන්මාරයේ සිටින ලාංකීකයන්ට දැනුම්දීමක්

මියන්මාරයට බලපා ඇති ප්‍රබල භූ කම්පනයෙන් පසු එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මියන්මාරය ඇතිවූ රික්ටර් මාපක 7.4 භූ කම්පනයෙන් පසු බැංකොක් සහ තායිලන්තයේ අනෙකුත් ප්‍රදේශවල පසුකම්පන ඇතිවූ අතර බැංකොක්හි ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය තායි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් තත්ත්වය සමීප නිරීක්ෂණ කරමින් සිටින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට 66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වෙන ලෙසත් එම අමාත්‍යාංශය කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This