5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.

පාසල්වල විදුහල්පතිවරුන් වෙත අදාළ අයදුම්පත්‍රය ලබාදී ඇති අතර එම අයදුම්පත්‍රය 05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පති වෙතින් ලබාගෙන දෙමාපියන් විසින් නිසි පරිදි සම්පූර්ණ කළ යුතුයි.

සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර විදුහල්පති වෙත නැවත භාර දිය යුතු අතර විදුහල්පති විසින් මාර්තු 25 දිනට ප්‍රථම මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමට කටයුතු කළ යුතු බව සඳහන්.

Share This