බස් සහ ත්‍රීවිල් ගාස්තු සංශෝධනය ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල අඩු වූව ද ත්‍රීවිල් සහ බස් ගාස්තු සංශෝධනය නොකරන බව එම සංගම් පවසති.
බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කීය.
වසර විස්සක් පමණ මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය සිදු කරන බවට ජනතාව අවබෝධ කරගත යුතුය.
“රුපියල් 12කින් ඩීසල් අඩු කළා කියලා කවුරුත් මේ වෙලාවේ ගාස්තු සංශෝධනයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම අඩු කරන්න හැකියාවක් නෑ. අපි ඉන්න ප්‍රතිශතාත්මක ගණනය කිරීම තුළ මොකද අපිට සියයට 4ක ප්‍රතිශතයකට ඇවිත් නෑ.”
මේ අතර ඉන්ධන මිල අඩු කිරීම හමුවේ ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
අදාළ ගාස්තු එක් එක් සංගම්වලට ප්‍රකාශ කිරීමට ඉඩනොදී රජය විසින් තීරණය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100ත් දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 80ක ගාස්තුවක් නාමිකව ප්‍රකාශයට පත් කරන තිබුණ ද එය නාමික ගාස්තුවක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම ගාස්තු අඩු කිරීමට පියවර ගැනිණි.
ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 274ක් වනු ඇත.
සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 325ක වන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස දැක්වෙයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 293කි.