2025 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්
2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වර්ෂයේ දී පළමු වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති 2025 ජනවාරි මස 30 වැනිදා ආරම්භ වන බවයි එහි දක්වා ඇත්තේ.