උතුරු කොරියානු නායකයා දියණිය සමග අලුත් අවුරුදු සැමරුම්වලට
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඔහුගේ දියණිය ජු ඒ, ගිනිකෙළි සහ අයිස් නැටුම් සංදර්ශනයකින් වර්ණවත්වූ එරට අලුත් අවුරුදු සැමරුම් සඳහා සහභාගී වී තිබෙනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් සමඟ මෙම සැමරුම්වලට එක් වූ බවයි.
චීන ජනාධිපතිවරයා ඇතුළු බොහෝ රාජ්‍ය නායකයින්ගෙන් කිම්ට අලුත් අවුරුදු සුබ පැතුම් ලැබුණු බවත් සඳහන්.
මේ අතර, අලුත් අවුරුදු සුබ පැතුම් සමගින් කිම් පුටින් වෙත ලිපියක් යවා ඇති අතර, එහි උතුරු කොරියානු නායක රුසියාව සමඟ රටේ පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී ඇති බවත් වාර්තා වනවා.