නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කරයි

නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කරයි

නොරොච්චෝලේ 03 වන ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලක්විජය බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රයේ වාර්ෂික නඩත්තුවක් සඳහා දින 25 මෙලෙස ක්‍රියා විරහිත කරන බව එම මණ්ඩලය පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයෙන් විදුලි පද්ධිතයට මෙගාවොට් 900 කට ආසන්න විදුලි ධාරිතාවක් ලබාදෙන අතර 03 වන අදියර නැවතී යාමත් සමග එය මෙගාවොට් 600ක ආසන්න සීමාවකට යටත් වනු ඇත.

චන්දන ලක්මාල්

Share This