නිල්දිය පොකුණ වසා දමයි
ප්රබල සංචාරක ආකර්ෂණයක් ඇති කරඳගොල්ල නිල්දිය පොකුණ ඊයේ (27) සිට වසා දැමීමට රවණා ඇල්ල වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ පුහුණුව ලැබූ මගපෙන්වන්නන් සහ නුපුහුණු මගපෙන්වන්නන් අතර ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්.
මේ හේතුවෙන් එම ප්රදේශය ආශ්රිතව රැකියාවේ නිරත වන රියදුරන් සහ වෙළෙඳසැල්වලට දැඩි පාඩුවක් සිදු ව ඇති බව වාර්තා වනවා.