ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ  සහය

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ  සහය

ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීමේ වැඩසටහනක් පසුගිය 10 වැනිදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා.

ඒ, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුවයි.

පැය දෙක හමාරකට අධික කාලයක් අදාළ සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති බව සඳහන්.

වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  නීතිඥ සුළිල් වටගල මහතා ද එක් වුණා.

Clean Sri Lanka, වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු බව සඳහන්.

එයට සහභාගී වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, එහෙත් වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද ඔවුන් විසින් දන්වා සිටියා.

Share This