ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දිනයන්
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙන අතර, අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වැනිදාට සහ අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.