පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ වැටුප් ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්‌ගේ ද වැටුප් ඉහළ නැංවීමට යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
පහත සඳහන් පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.
2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම.
2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීම.
2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3000කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවීම.
2026-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික චේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීම.