නව යුද හමුදාපති ගැන ආරංචියක්

නව යුද හමුදාපති ගැන ආරංචියක්

නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බවට වාර්තා වනවා.

දැනට එම ධුරයේ කටයුතු කරන යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතාට තවත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීමට තීරණය කිරීමත් සමග මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා එම ධුරයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

පත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයායි.

Share This