නවසීලන්තයට ලකුණු 423ක විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ සිව් වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 423කින් ජයගැනීමට නවසීලන්තය අද (17) සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම තම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 347ක්.
එහිදී ටොම් ලැතැම් ලකුණු 63ක් ලබාගත්තා.
පන්දුයැවීමේදී මැතිව් පෝට්ස් කඩුලු 04ක් දවාගැනීමටයි සමත් වුණේ.
නවසීලන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
එහිදී ජෝ රූට් ලකුණු 32ක් ලබාගත්තා. පන්දුයැවීමේදී මැට් හෙන්රි කඩුලු 04ක් බිඳහෙළුවා.
එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 204ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 453ක්.
එහිදී කේන් විලියම්සන් ලකුණු 156ක් ලබාගත්තා. පන්දුයැවීමේදී ජෙකෝබ් බෙත්හේල් කඩුලු 03ක් දවාගැනීමටයි සමත් වුණේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 658ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 234ක් පමණයි.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති ක්‍රීඩා කරන අවසන් තරගය මෙය වීමත් විශේෂත්වයක්.