නවසීලන්ත කණ්ඩායමට කඩුළු 09ක ජයක්
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම ප්රථමයෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 2ක් අවසානයේ එක් කඩුලුක් පමණක් දැවී සිය ජයග්රහණය තහවුරු කළා.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයයි මෙලෙස නිමාවට පත්වුණේ.