ලොව පුරා අලුත් අවුරුදු සැමරුම්
2025 අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කිරීමට ලොව පුරා බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් ලබාගෙන සිටින මොහොතක මේ වන විටත් ලෝකයේ සමහරක් රටවලට නව වසර උදා වී අවසන් බව සඳහන් කළ යුතුයි.
ලෝකයේ නැගෙනහිර අර්ධයේ ඇති රටවලට කලින් නව වසර උදා වුණත් බටහිර අර්ධයේ ඇති රටවලට නව වසාර් උදා වෙන්න කාලයක් ගත වෙනවා.
නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය, ලන්ඩනයේ බිග් බෙන් කුළුන ආදිය නව වසර පිළිගන්නා විශේෂ සංකේත.
කිරිබතී දිවයින තමයි නව වසර මුළින්ම පිළිගන්නා රට වබට පත් වෙන්නේ.
කිරිබතී කියන්නේ මධ්‍යම පැසිෆික් සාගරයේ දූපත් රටක්. එහි විශාලතම දූපත වන කිරිටිමතී දූපත , දෙසැම්බර් 31 වන දින එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ පෙ.ව. 5 ට නව වසර උදාව සමරනවා.
නවසීලන්තයේ චැතැම් දූපත් පෙ.ව. 5:15 ට නව වසරේ උදාව සමරන අතර, පසුව නවසීලන්තයේ බොහෝ ප්‍රදේශ, ටොකෙලාවු, සැමෝවා, ටොංගා, කිරිබතී හි ෆීනික්ස් දූපත් සහ ඇන්ටාක්ටිකාවේ සමහර ප්‍රදේශ සමඟ පෙ.ව. 6 ට පමණ නව වසර සමරනවා.
මේ අතර, ජාත්‍යන්තර දින රේඛාවේ අනෙක් පැත්තේ, හවායි, අමෙරිකානු සැමෝවා සහ එක්සත් ජනපදයේ පිටත දූපත් බොහොමයකට නව වසර පිළෛගැනීමට බොහෝ වේලාවක් බලා ඉන්න සිද්ධ වෙනවා.