මෙරට බදු පොකුරට අලුතින් එකතු වෙන බද්ද

2027 වසරේ මුල් කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලැසුම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව එය ක්‍රියාත්මක වනු ඇති බවට තොරතුරු වාර්තාවේ.
ගිනිකොණ දිග ආසියාව, යුරෝපය ඇතුළුව ලොව රටවල් රැසක මෙම දේපළ බද්ද ක්‍රියාත්මක වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාවෙහි මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබීම විශේෂත්වයකි.
ආදායම් බද්ද, උපයන විට ගෙවීම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව මෙරට ජනතාවට ගෙවීමට ඇති බදු වර්ග ගණනාව අතරට දේපළ බද්ද ද 2027 වසරේදී එක් වනු ඇත.