ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට නව රජය අතගසයි

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට නව රජය අතගසයි

නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ පිළිබඳව වැදගත් සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ සිරියාවේ ගෞරවනීය , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

එහිදී ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බවයි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ.

අනාගත සංවර්ධනය සඳහා තමන් ද එක්වීමට සූදානම් බව ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි පවසා තිබෙනවා.

මෙහිදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡා සිදුවූ අතර, මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කළ බව සඳහන්.

ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This