ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබෙනවා.
ඒ මහතා පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35 කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වනවා.
වරලත් ගණිකාධිකාරීවරයෙකු වන අබේසේකර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි නිළධාරියෙක්.
ව්‍යාපාර පරිපාලනය, පිරිස් කළමනාකරණය, ගිණුම්කරණය, විගණනය, නායකත්වය හා ව්‍යවසායකත්ව සංවර්ධනය යන ක්ෂේත්‍ර රැසක අත්දැකීම් හා පලපුරුද්දක් සහිත ඔහු ජපානය, ඉතාලිය, සිංගප්පූරුව හා තායිවානය යන රටවල ද විදේශ පුහුණුව ලබා ඇති බව සඳහන්.
ලක්ෂ්මන් අබේසේකර මහතා රබර් පර්යේෂණ මණ්ඩලයේ සහ සණස සංවර්ධන බැංකුවේ (SDB Bank) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මෙතෙක් සිදුකළ ව්‍යවසාය ප්‍රවර්ධන කටයුතු, අමාත්‍යාංශය සමඟ එක්ව තවදුරටත් පුළුල් කිරීමටත් විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ නිපුණතා සංවර්ධනය කරමින් ඔවුන් රැකියා මානසිකත්වයෙන් ඔබ්බට ගෙන ගොස් ව්‍යවසායකත්වය සඳහා යොමු කිරීමට අවශ්‍ය දීර්ඝකාලීන ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි ලක්ෂ්මන් අබේසේකර මහතා ප්‍රකාශ කළේ.