නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා හමුවී තිබෙනවා.
ඒ, ඊයේ (02) කොළඹ පිහිටි යුධ හමුදාපතිගේ කාර්යාලයේදී යි.
ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවැත්වූ පළමු නිල හමුව මෙයයි.
මෙම හමුවේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ මහතා වෙත සිය සුභාශිංසන එක් කළා.
ශක්තිමත් පාලනය සහ වගවීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාවය පිළිබඳව අවධාරණය කරමින් ඔහුගේ නායකත්වය යටතේ යුද හමුදාව සඳහා විය යුතු ප්‍රධාන ප්‍රමුඛතා සබැඳිව දැනුවත් කිරීමද එහිදී සිදු කෙරුණා.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් යුද හමුදාවේ කාර්යභාරයේ වැදගත්කම මෙම හමුවේදී පෙන්වා දී තිබෙනවා.
රජයේ ප්‍රතිපත්තිය තහවුරු කරමින් යහපාලනය, සම්පත් කළමනාකරණය, වගවීම සහ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සඳහා යුද හමුදා නායකත්වයේ සැබෑ කැපවීම පිළිබඳව ද මෙම හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අවධාරණය කළා.