මිලියන 16ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 16කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි ග්‍රෑම් හාරසියයක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව පොලීසිය හා එක්ව යාපනය මාමුණෛ ප්‍රදේශයේ, අද (04) අළුයම් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීය.
එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල සගවා තිබූ සැකකටයුතු ගමන්මලු හතරක් (04) සහ එක් උරයක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි.
එහිදී, එම ගමන්මලු තුල සහ උරයෙහී සූක්‍ෂම ලෙස අසුරා තිබු කේරළ කංසා කිලෝ හැත්තෑ එකයි (71) ග්‍රෑම් හාරසියයක (400) පමණ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහසයකට (16) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, අත්අඩංගුවට ගත් කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මරුදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.