‌මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට  

‌මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයින් 17 දෙනෙකු අත්අඩංගුවට  

මෙරට මුහුදු සීමාවට නීති විරෝධි ලෙස පැමිණි මසුන් මැරීම සිදු කළ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු  මන්නාරම උතුරු මුහුදුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2024 දෙසැම්බර් මස 23 වැනි දින රාත්‍රී කාලයේ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එහිදී යාත්‍රා දෙකක් ද සිය භාරයට ගත් බවයි, නාවික හමුදාව නිවේදනය කළේ.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට  ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන ආ බව සඳහන්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

එමෙන්ම මෙම මෙහෙයුමත් සමඟ 2024 වසරේදී මේ දක්වා සිදු කළ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර 72ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

ඉන්දීය ධීවරයින් 554 දෙනෙකු සිය භාරයට ගෙන ඇති බවත් ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවත්  නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Share This