නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි
‘නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය – 2024’ පසුගිය 21 වැනිදා දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වුණා.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සහ නාවික හමුදා සංගීත අංශයේ සහභාගීත්වයෙන්.
ඊට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ලාමාහේවා මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන් එක්ව සිටි බවයි, එම හමුදාව සඳහන් කළේ.
සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී අසිරිමත් නත්තල් උදාව වෙනුවෙන් නාවික හමුදා කැරොල් ගී ප්‍රසංගය වාර්ෂිකව සම්ප්රදායක් ලෙස පවත්වනු ලබනවා.
කැරොල් ගී ප්‍රසංගය වෙනුවෙන් Wave N’ Lake පරිශ්‍රය අලංකාරවත් විදුලි බුබුළු සහ නත්තල් සැරසිලි මඟින් විචිත්‍රවත්ව කර තිබුණා.
නාවික හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම කැරොල් ගී ප්රසංගයේදී, නාවික හමුදා පුද්ගලයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නාවික හමුදා පවුල්වල දූ දරුවන් විසින් කැරොල් ගීත ගායනා ඉදිරිපත් කළ බව සඳහන්.
එම හමුදා වාද්‍ය වෘන්දයේ සහ නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් ගායන හා නර්තන අංගයන් ගෙන් මෙන්ම, කඳාන De Mazenod විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බෝලවලාන ආවේ මරියා කොන්වන්ට් යන විද්‍යාලයන්ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ කැරොල් ගී ගායනාවන් ගෙන්ද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් වුණා.