ජාතික රාමදාන් උත්සවය මාර්තු 21 සිට 31 වැනිදා දක්වා

ජාතික රාමදාන් උත්සවය මාර්තු 21 සිට 31 වැනිදා දක්වා

මෙවර ජාතික රාමදාන් උත්සවය මාර්තු මස 21 වනදා සිට 31 වැනිදා දක්වා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ, වත්මන් සමාජයේ යම්තාක් දුරකට පසුබැස ඇති සම්ප්‍රදායන් සමාජයට ප්‍රදර්ශනය කිරීමේ  සාමාජීය අරමුණ පෙරදැරි කරගනිමින් සහ ජාතික සමගිය මුළ ලොවට විදහ පෑමේ අරමුණින්.

බස්නාහිර පළාත් සභාව විසින් පත්කරන ලද ජාතික රාමදාන් උත්සව කමිටුව විසින් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සැලැසුම් කර ඇති බව සඳහන්.

මෙම කාලයේදී කොළඹ නගර වටා අලෝකමත් කිරීමට සහ “ග්‍රීන් පාත්” පරිශ්‍රයේ දින තුනක් මුළුල්ලේ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය විදහාලන තවත් එක් උත්සව කලාපයක් වශයෙන් “සලාම් රාමදාන්” උත්සවය සංවිධානය කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.

මේ හරහා මුස්ලිම් ජනයාගේ විවිධ පාරම්පරික සහ සම්ප්‍රදායික චාරිත්‍ර ආදී හරයන් පිළිබඳව මූලික අවබෝධය හා දැනුම වැඩිදියුණු කිරීම සඳහා මෙය සංවිධාන කරනු ලබන්නේ, බස්නාහිර පළාත් සභාව විසින්.

Share This