දූෂණ විරෝධී ජාතික සැලැස්ම එළිදැක්වීම අප්‍රේල් 09 වැනිදා

‘දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම’ අප්‍රේල් මස 09 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.
එය සකස් කර ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් දූෂණය පිටු දැකීම සඳහා 2025 – 2029 කාලය පදනම් කරගනිමිනි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පෙරවරු 10.00ට පැවැත්වෙන මෙම වැඩසටහන සංවිධාන කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ය.