නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න හීන දකිනවා – සී.බී රත්නායක

නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න හීන දකිනවා – සී.බී රත්නායක

(එම්.එස්.එෆ්.ශිම්රා – නුවරඑළිය)

කුරිරු ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගෙන දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවට අභය දානය දුන් නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ජනාධිපති කරවීමේ සිහිනය සැබෑ කිරීමේ ඉලක්කය වෙත යෑමට ආරම්භයක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික් නායකත්වය ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා පවසයි.

ශ්‍රී ලංකාව රුධිරු ත්‍රස්තවාදයෙන් බේරාගත් නූතන දුටුගැමුණු සහ දේශපාලන වංශ කතාවේ සන්නාමය ලෙස හැඳින්වෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතණුවන් වන නාමල් රාජපක්ෂ මහතා එළඹෙන 2027 වසරේ ශ්‍රී ලංකාවේ නායකයා බවට පත්කිරීමේ තමන්ගේ සිහිනය හා ඉලක්කය වෙත ළඟා වීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික් නායකත්වය ලබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය සිය කාර්‍යාලයේ (12) උදෑසන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික් නායක සීබී රත්නායක මහතා මෙසේද කීය,

”මහනුවර ජනතාවට මා කෙරෙහි විශ්වාසයක් තියෙනවා මොකද මගේ අතේ දැලි ගෑවිලා නෑ ලේ ගෑවිලා නැහැ කුණු ගෑවිලා නැහැ ඒ නිසයි මහජනතාව මා කියන්නේ විශ්වාසය තබල මාත් එක්ක තරුණ තරුණියක් විශාල පිරිසක් රොද බැඳගෙන එකතුවෙලා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් හැටියට ඉල්ලන්න කටයුතු කරන්නේ.

ඒ තැබූ විශ්වාසයත් එක්කම හෙට දවසේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසි දෙකකට ඇප මුදල් තැන්පත් කරන්න කටයුතු කරනවා කියන එක සතුටින් කියන්න ඕන.

මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ අදහස් පළ කරයි පක්ෂෙ දාලා ගිය අයට මේ වන විට ගොඩක් රිදිලා වෙන්නත් පුළුවන් හිතාගෙන ඇති මහනුවර දිස්ත්‍රික්කයට සීඩී රත්නායක නැහැයි කියලා ඒත් මං අවදාරණය කරන්න කැමතියි නෑ සීබිරක් නායක ඉන්නවා.

මහනුවර මා කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය ජනතාවට මම නැවත වතාවක් කියන්නේ ඔබ වෙනුවෙන් නායකත්වය ලබාදෙන්න මේ සීබී රත්නායක හැමදාමත් ඉන්නවා.

ඒත් එක්කම මම විශේෂයෙන් කියන්න ඕන නුවරඑළියේ ජනතාව මම දාලා යන්නේ නැහැ මේ මගේ උපන් දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කය අවුරුදු තිහක් දේශපාලනය කරන මාව මේ තැනට ගෙනාවේ නුවරඑළිය දිස්ත්‍රික්කය ජනතාව ඒ ජනතාවට ශක්තිය දෙනවාත් එක්කම තමයි මම මහනුවර දිස්ත්‍රික්කයත් බාර අරන් ජයග්‍රාහී මාවතට අරගෙන යන්නේ.

මේ ගමනේ මාගේ එකම බලාපොරොත්තුව තමයි මගේ පෞද්ගලික සිහිනයක් සැබෑ කරගන්න ඒ සිහිනය ඇත්තටම රුධිරු ත්‍රස්තවාදයෙන් මේ රට බේරගත්ත ලෝකයම මේ යුක්තිය දිනන්න බැහැයි කියද්දී කාගෙවත් කීම අහන්නේ නැතුව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට නායකත්වය දෙමින් දෙකෝටි විසි ලක්ෂයක ජනතාවට අභයදාණය දුන් මහින්ද රාජපක්ෂ කියන එක කාටත් අමතක වෙලා තියෙනව ඒක මතක් කරලා දෙමින් ඔහුගේ වැඩිමහල් පුත්‍ර රත්නය වන නාමල් රාජපක්ෂ රටේ නායකයා කරන එක.

මම ඒ කිව්ව කාරණය නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මෙච්චර ප්‍රහාර එල්ල කරන්නේ නැවත නැගිටී කියන බය නිසා එතුමගෙ වයසත් එක්ක නැගිටින්න බැරි වෙයි එසේ නමුත් එතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය මේ රටේ නායකත්වයට එන එක ඔය කාටත් වලක්වන්න බැහැ.

ඒය සිදුවන්න වැඩි ඈතක් යන්නේ නැහැ කාලීනව ගෝලීය ආර්ථිකයත් එක්ක සංවර්ධන ඉලක්කයත් එක්ක ඉස්සරහට යන්න කළ පුරුද්ද සහ පලපුරුද්ද එක්ක නායකයෙක් හැටියට බිහිකරන්න අපිට ලොකු කාලයක් යන්නේ නැහැ මා හිතනවා විදිහට 2027 ඒ දේ සිදු වෙනවා.

මම නක්ෂාස්තරකාරයෙක් නොමැති වුණත් මම පෞද්ගලික මතයෙන් මේ දේයන්නේ මේ රටේ ආර්ථිකය හා රට කරන පාලන තන්ත්‍රයේ ගන්න වැරදි තීන්දු තීරණ නිසා සහ අසංවර්ධන රටක් ගෙනියන නිසා ඉතාම මෑතකදී මගේ ඒ සිහිනයේ සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රජයේ පත්වෙච්ච දවස ඉඳන්ම කරන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් හා ඔවුන් එක්ක ඉන්නා අයගෙන් පළිගන්න එක.

යුද්දෙ ඉවර කරපු නායකයා සංවර්ධනයේ නියමුවා ගාමීය මට්ටමේ සංවර්ධනයේ නියමුවා වට්ටන්න හොරා කියල බොරුව සමාජගත කරලා නූතන පරම්පරාව රවට්ටමෙන් බලය ලබාගත්තු මිනිස්සු තවමත් නූතන පරම්පරාව ඇතුළු සමස්ත ප්‍රජාවම රවට්ටමින් ඉන්නේ මේ ආණ්ඩුව.

මම මේ ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අති කරන කටයුතු මේ හා සිදු වෙමින් පවතිනවා අධිකරණය නිවැරදිව තීන්දු දෙයි කියන විශ්වාසය මා තබනවා.

අපිට මතකයි චීනයේ ජනාධිපතිවරයෙක් ආර්ථිකය ගොඩනත්ත නිසා එවකට චීන සමූහ ආණ්ඩුව තීරණයක් ගත්තා ඔහුව යාවජීව ජනාධිපති හැටියට පත් පත් කරන්න පවතින ජනාධිපතිතුමාව, ඒ ඔවුන් කෘතවේදී මිනිස්සු හැටිය.

අද ඒ කෘතවේදීත්වය ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට තිබ්බනම් !

එදා මේ වැටේම දුටුගැමුණු රජ්ජුරුවන්ටත් කළා අද නූතන දුටුගැමුණුටත් ඒ වැඩේම කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ විතරක් පදනම් කරගෙන මේ වගේ පළිගැනීමට හේතුව දේශපාලන සන්නාමය මහින්ද රාජපක්ෂ. දේශපාලන ආකර්ෂණය තමයි මහින්ද රාජපක්ෂ, දේශපාලකයෙක් වශයෙන් රටේ මිනිස්සු ආදරය කරන කෙනා තමයි මහින්ද රාජපක්ෂ, ජාති භේදයකින් තොරව එක විදිහකටම ආදරේ කරපු දේශපාලකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ.

ඒ වුනාට මේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ හිත කැඩුවා දමිළ ජනතාවගේත් හිත කැඩුවා සිංහල ජනතාවගේත් හිත කැඩුවා මොහු හොරා හොරා කියලා කණගාටුවට කරුණ තමයි නූතන පරපුර මේක පිළි අරන් තියෙනවා නමුත් අනාගතය හා කාලය මේක විසඳෙයි.”

Share This