නාමල් රාජපක්ෂ ඉන්දියාවට
මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද නවදිල්ලියට ගොස් තිබෙනවා.
ඒ ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි.
නවදිල්ලියේ පිහිටි කොංග්රස් පක්ෂ මූලස්ථානයේදී මෙම අවස්ථාවට එක් වෙමින් නාමල් රාජපක්ෂ මහතා කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි ඇතුලු දේශපාලඥයින් කිහිප දෙනෙකුද හමුව තිබෙනවා.