උතුරු කොරියාව දුරස්ථ වැඩ යෝජනා ක්‍රමයකින් මිලියන ගණනක් උපයා ඇති බවට එක්සත් ජනපදයෙන් චෝදනා

උතුරු කොරියාව දුරස්ථ වැඩ යෝජනා ක්‍රමයකින් මිලියන ගණනක් උපයා ඇති බවට එක්සත් ජනපදයෙන් චෝදනා

එක්සත් ජනපද සමාගම්වලින් කප්පම් ගැනීම සහ Pyongyang හි ආයුධ වැඩසටහන්වලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් උතුරු කොරියානුවන් 14 දෙනෙකුට චෝදනා එල්ලවී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, දිගුකාලීන කුමන්ත්‍රණයක කොටස්කරුවන් ලෙස හඳුනාගෙන ඇති ඔවුන් හට සාන්ත ලුයිස්හි ෆෙඩරල් අධිකරණයක් විසින් මෙලෙස චෝදනා එල්ල කර ඇති බවයි.

මෙම ජාලයට උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ සේවකයින් දහස් ගණනක් සම්බන්ධව ඇති බවත් සඳහන්.

ඔවුන් එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල පුද්ගලයන්ගේ ව්‍යාජ හෝ සොරකම් කරන ලද අනන්‍යතා භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

මාසික වැටුපට අමතරව ඔවුන් දැවැන්ත සමාගම්වල තොරතුරු සොරකම් කිරීමෙන් සහ සේවා යෝජකයා කප්පම් ගෙවීමක් නොකළහොත් ඒවා කාන්දු කරන බවට තර්ජනය කිරීමෙන් උතුරු කොරියානු පාලන තන්ත්‍රයට අරමුදල් රැස් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම පිරිසට වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය, අනන්‍යතා සොරකම සහ වෙනත් චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

Share This