ජුනි 06 සහ 09 මුස්ලිම් පාසල්වලට නිවාඩු

දිවයින පුරා පිහිටා ඇති මුස්ලිම් පාසල්වලට ජුනි මස 6 සිට 9 වැනිදා දක්වා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ, ජුනි මස 07 වැනිදාට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙනි.
ඒ අනුව 06 වැනිදා සහ 09 වැනිදා එම පාසල්වලට අතිරේක නිවාඩුවක් හිමිවනු ඇත.
එම පාසල් නිවාඩු දිනය වෙනුවෙන් 2025.05.26 සඳුදා හා 2025.05.27 අඟහරුවාදා දිනයන්හි දී පාසල් පැවැත්විය යුතු බව ද ඒ අනුව, 2025 පාසල් වර්ෂයේ මුස්ලිම් පාසල් සඳහා දෙවන වාරය 2025.05.26 දින ආරම්භ කෙරෙන බවටත් වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.