‘සංක්‍රාන්ති ලිංගික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු’ ඔස්කාර් පෙරමුණට !

‘සංක්‍රාන්ති ලිංගික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු’ ඔස්කාර් පෙරමුණට !

97 වන ඇකඩමි සම්මාන උළෙල සඳහා නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම ඊයේ (23) සිදුව තිබුණා.

ඒ, ලොවක් කම්පා කළ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්, 2025 ඔස්කාර් සම්මාන උළෙල පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව දැඩි කතාබහක් ඇතිව පවතින පසුබිමකයි.

විදෙස් වාර්තා මීට ඉහත පෙන්වා දුන්නේ, බොහෝමයක් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සම්මාන උළෙල අවලංගු කරන ලෙස ඉල්ලීම් සිදුකර ඇති බවයි.

බොහෝ දෙනෙකුට නිවාස අහිමි කළ, ජීවිත අහිමි කළ විනාශකාරී ලැව්ගිනි හමුවේ හොලිවුඩ් තරු රැසකට ද තම නිවෙස්වලින් පලා යාමට සිදුව තිබුණා.

ලැව්ගිනි හටගැනුනේ, සම්මාන උළෙල පැවැත්වීමට නියමිත ආසන්නත කාලයකදී යි.

ඒ අනුව 97 වන ඇකඩමි සම්මාන උළෙල මාර්තු 2 වන දින පැවැත්වීමටයි දැනට කටයුතු සංවිධානව ඇත්තේ.

සංවිධායකයින් පවසන්නේ, මෙවර සම්මාන උළෙල පෙර සේ ම ‘ලොස් ඇන්ජලීස් සහ සිය කර්මාන්තය නිර්වචනය කරන ශක්තිය, නිර්මාණශීලිත්වය සහ ශුභවාදී බව ඉස්මතු කරන අතරම මෑත කාලීන සිදුවීම් ද පිළිබිඹු කරනු ඇති’ බවයි.

එහි නාම යෝජනා නිවේදනයට නියමිතව තිබුණේ ජනවාරි 17 වැනිදායි. නමුත්, සංවිධායකයින් විසින් එය ඊයේ (ජනවාරි 23) දිනය දක්වා කල් දමා තිබුණා.

ඒ අනුව ප්‍රකාශිත නාමයෝජනා 13 ක් සමඟින් පෙරමුණ ගෙන ඇත්තේ, ‘එමිලියා පෙරෙස්’ (Emilia Pérez) වන අතර නාමයෝජනා 10 බැගින් ලබා ඇති “The Brutalist” සහ “Wicked” දෙවන තැන පසුවෙයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ “එමිලියා පෙරෙස්” සංගීතමය චිත්‍රපටය යම් යම් මතභේද තිබියදීත් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.

ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය වෙනස් කිරීමට තීරණය කරන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරමක නායිකාව තේමා කරගත් එමිලියා පෙරෙස්, නැරඹූ පිරිස් අතර ද මතභේද ඇති කරැති, මෙක්සිකෝවේ ද මතභේදයට තුඩුදුන් නිර්මාණයකි.

එමෙන්ම එය බොහෝ නාම යෝජනා ලද ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටය ද වේ. ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් කරන ලද ප්‍රංශ නිෂ්පාදනයක් වන ඊට මෙක්සිකෝව පසුබිම් වී තිබේ.

තවත් විශේෂත්වයක් වන්නේ ‘එමිලියා පෙරෙස්’ තාරකාව වන ‘කාර්ලා සොෆියා ගැස්කොන්’, 2025 ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා නාමයෝජනා ලබා ගනිමින් ඉතිහාසයට එක් වීමයි.

ඒ, මෙවන් ගෞරවයක් ලද පළමු සංක්‍රාන්ති ලිංගික රංගන ශිල්පිනිය බවට පත්වෙමිනුයි.

Netflix Karla Sofía Gascón in a scene from Emilia Pérez

2025 ඔස්කාර් සම්මාන උළෙල සඳහා වන සම්පූර්ණ නාමයෝජනා ලැයිස්තුව පහතින්.

The top nominees

Emilia Pérez – 13 nominations
Wicked – 10
The Brutalist – 10
A Complete Unknown – 8
Conclave – 8

Best picture

“Anora”
“The Brutalist”
“A Complete Unknown”
“Conclave”
“Dune: Part Two”
“Emilia Pérez”
“I’m Still Here”
“Nickel Boys”
“The Substance”
“Wicked”

Best actor in a leading role

Adrien Brody, “The Brutalist”
Timothée Chalamet, “A Complete Unknown”
Colman Domingo, “Sing Sing”
Ralph Fiennes, “Conclave”
Sebastian Stan, “The Apprentice”

Best actress in a leading role

Cynthia Erivo, “Wicked”
Karla Sofía Gascón, “Emilia Pérez”
Mikey Madison, “Anora”
Demi Moore, “The Substance”
Fernanda Torres, “I’m Still Here”

Best actor in a supporting role

Yura Borisov, “Anora”
Kieran Culkin, “A Real Pain”
Edward Norton, “A Complete Unknown”
Guy Pearce, “The Brutalist”
Jeremy Strong, “The Apprentice”

Best actress in a supporting role

Monica Barbaro, “A Complete Unknown”
Ariana Grande, “Wicked”
Felicity Jones, “The Brutalist”
Isabella Rossellini, “Conclave”
Zoe Saldaña, “Emilia Pérez”

Best director

Sean Baker, “Anora”
Brady Corbet, “The Brutalist”
James Mangold, “A Complete Unknown”
Jacques Audiard, “Emilia Pérez”
Coralie Fargeat, “The Substance”

Best cinematography

“The Brutalist”
“Dune: Part Two”
“Emilia Pérez”
“Maria”
“Nosferatu”

Best international feature film

“I’m Still Here”
“The Girl with the Needle”
“Emilia Pérez”
“The Seed of the Sacred Fig”
“Flow”

Best adapted screenplay

“A Complete Unknown”
“Conclave”
“Emilia Pérez”
“Nickel Boys”
“Sing Sing”

Best original screenplay

“Anora”
“The Brutalist”
“A Real Pain”
“September 5”
“The Substance”

Best live action short film

“A Lien”
“Anuja”
“I’m Not a Robot”
“The Last Ranger”
“A Man Who Could Not Remain Silent”

Best animated short film

“Beautiful Men”
“In the Shadow of the Cypress”
“Magic Candies”
“Wander to Wonder”
“Yuck!”

Best animated feature film

“Flow”
“Inside Out 2”
“Memoir of a Snail”
“Wallace & Gromit: Vengeance Most Fowl”
“The Wild Robot”

Best documentary short

“Death By Numbers”
“I Am Ready, Warden”
“Incident”
“Instruments of a Beating Heart”
“The Only Girl in the Orchestra”

Best documentary feature film

“Black Box Diaries”
“No Other Land”
“Porcelain War”
“Soundtrack to a Coup d’Etat”
“Sugarcane”

Best original song

“El Mal,” from “Emilia Pérez”
“The Journey,” from “The Six Triple Eight”
“Like a Bird,” from “Sing Sing”
“Mi Camino,” from “Emilia Pérez”
“Never Too Late,” from “Elton John: Never Too Late”

Best original score

“The Brutalist”
“Conclave”
“Emilia Pérez”
“Wicked”
“The Wild Robot”

Best makeup and hairstyling

“A Different Man”
“Emilia Pérez”
“Nosferatu”
“The Substance”
“Wicked”

Best costume design

“A Complete Unknown”
“Conclave”
“Gladiator II”
“Nosferatu”
“Wicked”

Best editing

“Anora”
“The Brutalist”
“Conclave”
“Emilia Pérez”
“Wicked”

Best sound

“A Complete Unknown”
“Dune: Part Two”
“Emilia Pérez”
“Wicked”
“The Wild Robot”

Best production design

“The Brutalist”
“Conclave”
“Dune: Part Two”
“Nosferatu”
“Wicked”

Best visual effects

“Alien: Romulus”
“Better Man”
“Dune: Part Two”
“Kingdom of the Planet of the Apes”
“Wicked”

සටහන : නඳුනි ආරියවංශ
තොරතුරු : විදෙස් මාධ්‍ය ඇසුරෙනි

Share This