හතුවලින් රසම රස සුප් එකක් හදමුද
‘හතු’ එහෙමත් නැත්නම් ‘බිම්මල්’ කියන්නෙ රස වගේම ගුණයෙනුත් අනූන ප්‍රණීත ආහාරයක්.
සිරුරට ගුණ දෙන පෝෂණීය ගුණ රැසක් හතුවල අන්තර්ගතයි.
සාමාන්‍යයෙන් නිර්මාංශ බොහෝදෙනාගේ තේරීම් අතර ‘හතු’ ඉහළින්ම තියෙන ආහාර විශේෂයක්.
හතු කියන්නේ අඩු කැලරි, තන්තු බහුල, විටමින් සහ ඛනිජ ලවණ සපිරි ආහාරයක්.
නිතර ව්‍යංජනයක් හැටියට පිසින හතු තවත් විවිධ වූ ක්රමයන්ගෙන් අපේ ආහාර වේලට එක්කාසු කරගත හැකියි.
ඉන් එක් ක්රමයකි, ‘හතු සුප්’
මේක සිරුරට ශක්තිය ගෙනදෙන පානයක් කිව්වත් නිවැරදියි. විශේෂම කාරණය නම්, ඇඟ කෙට්ටු කරගන්න ක්‍රම හොයන කාටත් මේ සුප් එක කදිම තේරීමක් වීම.
රසවත් හතු සුප් එකක් එක්ක, ගාලික් බ්‍රෙඩ් කියන්නෙ රසවත් ගැළපීමක්.
ඉතින් අපේ මේ සූදානම රසවත් ‘හතු සුප්’ එකක් සාදාගන්නා ආකාරය ගැන ඔබට කියන්නයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- හතු ග්‍රෑම් 500 ක්
- පිටි ග්‍රෑම් 125 ක්
- බටර් ග්‍රෑම් 125 ක්
- පිටි ග්‍රෑම් 125 ක්
- ලූණු සහ සුදු ලූණු ග්‍රෑම් 200 ක්
- සැල්දරි සහ ලීක්ස් හි සුදු කොටස ග්‍රෑම් 200 ක්
- වතුර කෝප්ප 2 1/2 ක්
- ෆ්‍රෙෂ් ක්‍රීම්
සාදාගන්නා අකාරය :
- භාජනයක් ලිප තබා එයට බටර් එකතු කරගන්න.
- පසුව භාජනය රත්වූ පසු ලොකුවට කැපූ ලූණු, සුදු ලූණු, සැල්දරි සහ ලීක්ස් එකතු කර ටික වේලාවක් පිසින්න.
- පසුව ඊට පිටි එකතු කර මඳක් පිසගෙන හතු සහ ජලය එකතු කරන්න.
- හොඳින් බොයිල් වූ පසුව විනාඩි 30ක් පමණ මද ගින්නේ තබාගන්න.
- අනතුරුව නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරගන්න.
- අවසානයට රස අනුව ලූණු එකතු කරගන්න.