ලාංකීය සිනමාවේ මීළඟ පෙරළිය – පුබුදු චතුරංගගේ “කුණා” වැඩ අරඹයි
ජනප්‍රිය රංගන ශිල්පි පුබුදු චතුරංග විසින් අධ්‍යක්ෂණය කරන “කුණා” සිනමා සිත්තමේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.
ඒ චිත්‍රපටයේ රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්.
“කුණා” චිත්‍රපටය පුබුදු චතුරංගගේ ම තිර රචනයක් වීම විශේෂ ය.
දසුන් වික්‍රමරත්නගේ නිෂ්පාදනයක් වන එහි කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතාන විසිනි.
එහි රේඛීය නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න, දෙවන සහය අධ්‍යක්ෂණය බිනුක සේනාධිර, කලා අධ්‍යක්ෂණය ලෙස්ලි විමල් වීරසිංහ, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, අංග රචනය විදුර අබේධීර, කේෂාලංකාරය ප්‍රේමලාල් ලියනගේ, වස්ත්රාභරණ විහන්ගා දේවිමිනි, නිෂ්පාදක කළමනාකරණය හර්ෂනි සෙනවිරත්නගෙනි.
චිත්‍රපටයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරට සරත් කෝතලාවල, දිල්හානි ඒකනායක, මාධනි මල්වත්ත, හෂිනිකා කරළියද්ද, නිල්මිණි කොට්ටේගොඩ, හේමන්ත ඊරියගම, ධර්මප්‍රිය ඩයස්, නිරෝෂා තලගල, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, උපෙක්ෂා ස්වර්ණමාලි, චින්තක වාස්, චින්තක පීරිස්, ලසන්ත උඩුකුඹුර, මාෂි සිරිවර්ධන, රන්දික ගුණතිලක, සමන් හේමරත්න, වජිර කොඩිතුවක්කු, ජනක රණසිංහ, ශාන්ත බෙලිහුල්ඔය, මධුෂාන් නානායක්කාර, මිතික යන පිරිස අයත්.
පහතින් දැක්වෙන්නේ “කුණා” මුහුරත් උළෙල දා කැමරා කාචයේ සටහන්ව තිබූ සේයා රූ කිහිපයකි….