Mr. World 2024 පෝටෝ රිකෝ රාජ්‍යයෙන්: Danny MEJIA

Mr. World 2024 පෝටෝ රිකෝ රාජ්‍යයෙන්: Danny MEJIA

මෙවර (2024) Mr. World ජයග්‍රාහකයා බවට පත්වීමට කැරිබියානු දූපතක් වන පෝටෝ රිකෝ රාජ්‍යයේ (Puerto Rico) ඩැනියෙල් මෙජියා (Danny MEJIA) සමත් වුණා.

ඒ, රටවල් 60 ක තරගකරුවන් නියෝජනය කරමින් 11 වැනි සංස්කරණය ලෙස පසුගියදා වියට්නාමයේ පැවති අවසන් මහා තරගයේදී යි.

මෙතෙක් Mr. World ශීර්ෂයට හිමිකම් කියූ එංගලන්තයේ ජැක් හෙස්ල්වුඩ් අතින් කිරුළු දැරූ ඩැනියෙල් මෙජියා, මෙම ශූරතාවය ලබාගත් පළමු පෝටෝ රිකෝ ජාතිකයා ලෙස ඉතිහාසගත වනු ඇති.

මෙම තරගයේ දෙවන ස්ථානය දිනාගැනීමට වියට්නාමයත් තෙවන ස්ථානය දිනාගැනීමට ස්පාඤ්ඤයත් සමත් වුණා.

Mr. World 2024 ලෙස ජයග්‍රහණය කළ 28 හැවිරිදි ඩැනියෙල් මෙජියා, විද්‍යාවේදී උපාධිධාරියෙක් වන අතර මූල්‍ය ක්ෂේත්‍රය, සංගීතය සහ නර්තනය තුළින් ද කැපී පෙනෙන ගමනක නියැලෙන තරුණයෙකි.

මෙවර තරගාවලියේදී ස්පෝර්ට් චැලෙන්ජ් සහ ටැලන්ට් තරගයෙන් ද ජය ලැබීමට මෙජියා සමත්ව තිබුණා.

Share This