මන්ත්‍රී නාමල් රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

මාලදිවයිනේ සංචාරක නිරතව සිටි බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ දිවයිනට යළි පැමිණ තිබේ.
හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට ඊයේ (28) පෙනි නොසිටීම හේතුවෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරුණු බව සඳහන්ය.
හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව 2017 වසරේ දී පැවති විරෝධතාවයකදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරේ.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥවරු පිරිසක් හම්බන්තොට අධිකරණයට අද පෙරවරුවේ මෝසමක්ද ඉදිරිපත් කළහ.