චාමර සම්පත්ට ඇප

අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නීයෝග කර ඇත්තේ.
එමෙන්ම සැකකරුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.