ලොව පුරා මිලියන 14කට අධික දරුවන්ට කිසිදු එන්නත් මාත්‍රාවක් ලැබී නෑ

ලොව පුරා මිලියන 14කට අධික දරුවන්ට කිසිදු එන්නත් මාත්‍රාවක් ලැබී නෑ

ලොව පුරා මිලියන 14කට අධික කුඩා දරුවන් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බව 2025 වසරේ ගෝලීය සෞඛ්‍ය වාර්තාවලින් අනාවරණය වී ඇත. මෙම තත්ත්වය මත සරම්ප, ක්ෂය රෝගය, පෝලියෝ වැනි වැළැක්විය හැකි රෝගවලින් දරුවන් අනාරක්ෂිතවැති බව වාර්තා වේ.

දරුවන්ට මෙසේ එන්නත් ලබා නොදීමට බලපෑ හේතු ලෙස අනාවරණය වී ඇති එක් කාරනයක් වන්නේ ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර ආධාර අඩු වීමයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් වැඩසටහන් සඳහා ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය සහාය අඩුවීම මෙම අර්බුදයට බලපා ඇත.

එසේම සංචාර සීමා සහ ගැටුම් තවත් එක් හේතුවකි. එහිදී යුදමය තත්ත්වයන් සහ ආපදා හේතුවෙන් දරුවන්ට සෞඛ්‍ය සේවා ලබා ගැනීම අපහසු වී ඇත. එසේම සෞඛ්‍ය පද්ධතිවල කාර්‍යක්ෂමතාව අඩුවීම තවත් හේතුවකි. එහිදී රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක සරම්ප එන්නත්කරණයේ අඩුවක් වාර්තා වී ඇත.

මෙම තත්ත්වය නිසා ප්‍රතිවිපාක රැසක් මතුවිය හැකිය. රෝග ව්‍යාප්තියේ අවදානම ඉහළ යාම එහි මූලිකම පියවරයි. එන්නත් නොලැබූ දරුවන් අතර රෝග ව්‍යාප්තිය වේගයෙන් සිදුවිය හැකි අතර, එය ප්‍රාදේශීය සෞඛ්‍ය පද්ධතිවලට බරපතල ලෙස බලපානු ඇත. එසේම සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකිය. මන්ද සරම්ප වැනි රෝගවලින් වසරකට දරුවන් මිලියන ගණනක් මිය යන බව පර්‍යේෂණවලින් පෙන්වා දේ.

මෙහිදී ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන අවධාරණය කරන්නේ ප්‍රතිශක්තිකරන වැඩසටහන් නැවත සක්‍රිය කිරීම සහ අඩු ආදායම් රටවලට ආධාර වැඩි කිරීම අත්‍යවශ්‍ය බවයි. එසේම එන්නත් ලබා දීමෙන් පමණක් නොව එය දරුවන්ගේ දිවිය සහ අනාගතය ආරක්ෂා කිරීමේ මූලිය මාර්ගය බවද ඔවුහු පෙන්වා දෙති.

සඳුනි තිලකරත්න

Share This