ඩොලර් මිලියන 12 කට අධික ආභරණ සහ සන්නාමගත අත් බෑගයක් සොරකම් කරලා
වයඹදිග ලන්ඩනයේ නිවසකින් පවුම් මිලියන 10කට වඩා (ඩොලර් මිලියන 12.5ක්) වටිනා ආභරණ සහ සන්නාමගත Hermes අත් බෑගයක් සොරකම් කළ පුවතක් වාර්තා CNN පුවත් සේවය පවසනවා.
මෙම සොරකම සිදු කර ඇත්තේ, වයස අවුරුදු 20- 30 ත් අතර පසුවන පුද්ගලයෙකු වන අතර ඔහු සොයා පරික්ෂණ සිදු කරන බවයි පොලීසිය පවසා ඇත්තේ.
මෙම සොරකම බ්‍රිතාන්‍ය නිවසකින් වාර්තා වූ විශාලතම සොරකම් වලින් එකක් ලෙස සැලකෙනවා.
බ්‍රිතාන්‍ය අගනුවර වඩාත් සුවිශේෂී ප්‍රදේශයක් වන ඇවනියු පාර ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගත් සැකකරු, පසුගිය දෙසැම්බර් 7 වන දින දේශීය වේලාවෙන් සවස 5 ට පමණ වැසියන් නිවසේ නොසිටි අතරතුර දෙවන මහලේ ජනේලයකින් ඇතුළු වී ඇති බවයි ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලීසිය පවසන්නේ.
සොරා පවුම් 150,000ක් වටිනා සන්නාමගත Hermes අත් බෑගයක්, පවුම් 15,000ක මුදල් සහ පවුම් මිලියන 10.4ක ආභරණ රැගෙන පලා ගොස් ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.