කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ තවත් පිරිසක් අත්අඩංගුවට

කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ තවත් පිරිසක් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑණා අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔවුන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවය.

කෝටි 13කට අධික වටිනාකමින් යුක්ත වත්කම්, රුපියල් මිලියන 40ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රුපියල් ලක්ෂ 205ක වටිනාකමින් යුත් බෙනස් වර්ගයේ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් විමර්ශන සිදු කරනු ලබයි.

ඊට අදළාව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලැසු 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇත.

අත්අඩංගුවට ගත් මැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.

ඒ්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කිරීමෙන් පසුවය.

Share This