දවුලගල පාසල් සිසුවිය පැහැරගැනීමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට

දවුලගල පාසල් සිසුවිය පැහැරගැනීමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට

මහනුවර – දවුලගල ප්‍රදේශයේදී පාසල් දැරියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයබැලීමට පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබෙනවා.

ඒ අනුව එම දැරිය සොයාගැනීම සඳහා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම ඔවුන්ට පැවරී ඇති වගකීම වන බව සඳහන්.

මෙහි ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇත්තේ, දැරියගේ පියාගේ සහෝදරියකගේ වයස අවුරුදු 30ක් වන පුත්‍රයෙක්.

මෙම දැරිය සහ එම තරුණයාගේ විවාහ සඳහා දෙපාර්ශවයේ කැමැත්ත ප්‍රථමයෙන් ප්‍රකාශ වී තිබු බව සඳහන්.

කෙසේ වෙතත් පසුකාලීනව දැරියගේ පියා විසින් ඊට විරුද්ධ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සැකකරු විසින් මෙම පැහැරගැනීම සිදු කර ඇති බව සඳහන්.

ඊයේ (11) පෙරවරුවේ ඇය සිය මිතුරියක සමඟ පාසලට යමින් සිටියදී මෙම පැහැරගැනීම සිදු කර ඇති බවයි, පොලිසිය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව ඒ සඳහා භාවිත කළ වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

එම රථයේ රියදුරු අද (12) ගම්පොළ ප්‍රදේශයේදී දවුලගල පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Share This