මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි

පළාත් කීපයකට සහ දිස්ත්‍රික් කිහිපයකට අද (21) මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.
බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර පුත්තලම නුවරඑළිය සහ නුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්